සංචාරක, ගුවන් සේවා කටයුතු වලට පොදුරද සමුළුව මහත් රුකුලක්
10 අගෝ, 2013 by Aviation Voice

ශ්‍රී ලංකාවේ සංචාරක මෙන්ම ගුවන් සේවා කටයුතු ජාත්‍යන්තර මට්ටමින් තවදුරටත් පුළුල් කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව දැවැන්ත ශක්තියක් සපයන බව ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා පවසයි.

එළඹෙන නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවීම සඳහා රාජ්‍ය නායකයන්, විදේශ කටයුතු ඇමැතිවරුන් ඇතුළු නියෝජිතයන් රැසක් ලෝකයේ රටවල් 54 ට අයත් ගුවන් තොටුපළවලින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එහි දී ශ්‍රී ලංකාවේ ගුවන් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔවුන්ට හොඳ අවබෝධයක් ලබා දීමට හැකියාව ලැබෙන බවද සභාපතිවරයා පවසයි.

2009 වසරින් පසුව ආසියානු කලාපයේ ආරක්ෂිත ම රට ශ්‍රී ලංකාව බව පෙන්වාදෙන සභාපතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒ තත්ත්වය ළඟා කර ගන්නට අවස්ථාව ලැබීම විශාල ජයග්‍රහණයක් බවද පවසයි. අද වනවිට ආසියානු මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල වඩා සාමකාමී රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක මෙන්ම ගුවන් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මුළු ලෝකයේම අවධානය යොමුවී තිබෙන බවද සඳහන් කරන ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ඇතුළුව ලෝකයේ රටවල් 54 ක රාජ්‍ය නායකයන් මීට සහභාගී වන බවද සිහිපත් කරයි.

මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම යුද ජයග්‍රණයටත් වඩා ඉදිරියට ගිය විශාල ජයග්‍රහණයක් බව පවසන ඒ මහතා එය ශ්‍රී ලංකාව පිළිබදව පමණක් නොව ලෝකයේ රටවල් 54 ක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තීන්දු, තීරණ ගනු ලබන ඵෙතිහාසික අවස්ථාවක් බවද පවසයි.

එක් ප්‍රතිචාරයක්
  • Anton
    අගෝස්තු 12, 2013 @ 1:10 පෙ.ව.

    YES* This is the best opportunity

ප්‍රතිචාරයක් ලබාදෙන්න